Wednesday 14 June 2023

ඡායාරූපය

ඡායාරූපය

ඡායාරූපයක් යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ ඡායාරූප පටලයක් හෝ CCD හෝ CMOS චිපයක් වැනි විද්‍යුත් ප්‍රතිබිම්භ නිර්මාපකයකි. ඡායාරූප බහුතරයක් දර්ශනයක දෘශ්‍ය ආලෝක තරංග ආයාමයන් කාචයක් භාවිතයෙන් මානව ඇසට තේරුම් ගත හැකි ආකාරයට ප්‍රතිනිර්මාණය කෙරෙන කැමරා මඟින් නිර්මාණය කළ ඒවා වේ. ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඡායාරූපකරණය නම් වේ.

Le Gras හි කවුළුවෙන් පෙනෙන දර්ශනය. (1826) , Nicephore Niepce. මෙය පොදුවේ ප්‍රථම සාර්ථක ස්ථිර ඡායාරූප ලෙස සැලකේ.

ඉතිහාසය

1826 දී ප්‍රංශ ජාතික නිර්මාණකරුවෙකු වූ ජෝසෆ් නිසෙෆෝ නිප්සේ (Joseph Nicephore Niepce) විසින් නිෂ්පාදනය කරනු ලැබු ප්‍රථම ස්ථිර ඡායාරූපය

ප්‍රථම ස්ථිර ඡායාරූපය නිෂ්පාදනය කරනු ලැබුවේ 1826 දී ප්‍රංශ ජාතික නිර්මාණකරුවෙකු වූ ජෝසෆ් නිසෙෆෝ නිප්සේ (Joseph Nicephore Niepce) විසිනි. ඒ සඳහා ඔහු උදව් කර ගත්තේ 'රිදී හා හුණු මිශ්‍රණයක් ආලෝකයට නිරාවරණය වන විට අඳුරු වනවා' යන ජොහෑන් හෙන්රිච් ස්කල්ට්ස්ගේ (Johann Heinrich Schultz) සොයා ගැනීමය. නිප්සේ හා ලුවිස් ඩෙගුවර් (Louis Daguerre) මෙම ක්‍රියාවලිය පිරිපහදු කරන ලදී. ඩෙගුවර් රිදී අලෝකයෙන් නිරාවරණය කිරීමට පෙර අයඩීන් වාෂ්පයට නිරාවරණය කිරීමෙන් හා ඉන්පසුව ඡායාරූපය ගැනීමෙන් පසු රසදියවලට නිරාවරණය කිරීමෙන් සැගවුණු ඡායාරූපයක් ඇති කර ගත හැකි බව සොයා ගන්නා ලදී. ඉන්පසු එම රූපය ලවණ තටාකයක ගිල්වීමෙන් ස්ථිර රූපයක් ලැබේ. මෙම අදහස මගින් පැරණි ඡායාරූප ක්‍රම යොදා ගත් ඡායාරූප ශිල්පීය ක්‍රමයක් වූ ජනප්‍රිය ඩෙගුවරෝටයිප් ශිල්ප ක්‍රමය බිහි විය.

මෙම ඩෙගුවරෝ ටයිප් ශිල්ප ක්‍රමයේ යම් යම් දෝෂ තිබේ. එයින් වඩාත් සැලකිය යුතු දෝෂ වූයේ නිෂ්පාදනය වන ඡායාරූපයේ කැඩෙන බිඳෙන බව හා එය ධන පමණක් වන ක්‍රියාවලියක් නිසා නැවත මුද්‍රණය කළ නොහැකි වීමයි. නව නිපැයුම්කරුවන් විසින් වඩා ප්‍රායෝගික නව ක්‍රියාවලියක් සොයා කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. ඇල්බියුමන් කඩදාසිය මත නිෂ්පාදිත මුද්‍රණ සමග කොලෝඩියන් මත පදනම් වූ තෙත වීදුරු තහඩු දළ සේයාපට, වඩාත් ප්‍රායෝගික ක්‍රමයක් වූ ජෙලටින් ක්‍රියාවලිය 1871 දී හඳුන්වාදීමෙන් පසුව ද භාවිතයට ගත් ඡායාරූප ක්‍රම ශිල්පයක් බවට පත්ව තිබුණි. ජෙලටින් ක්‍රියාවලියේ ගත් උකහා ගැනීම් වර්තමානය දක්වා ද මූලික කළු සුදු ඡායාරූප ක්‍රියාවලියේ ඉතිරිව ඇත. මූලික වශයෙන් එය වෙනස් වී ඇත්තේ පටල ද්‍රව්‍යයෙන්, මුල් වීදුරුවෙන් හා නම්‍යශීලී පටල වර්ග වලිනි.

වර්ණ ඡායාරූප සඳහා ද කළු සුදු ඡායාරූප මෙන් පැරණි ඉතිහාසයක් හිමි වේ. එහි ඉතිහාසය 1842 සිට ඇන්ත්‍රොටයිප් සමග හා 1891 සිට ලිප්මන් තහඩු සමග සිදුකළ ජෝන් හර්ෂල් (John Herschel) ගේ පර්යේෂණ දක්වා දිව යයි. වර්ණ ඡායාරූපකරණය 1903 දී ඔටෝ ක්‍රෝම් ලුමියර් හඳුන්වාදීමෙන් අනතුරුව වඩාත් ජනප්‍රිය වේ. පසුව එය කොඩැක්‍රෝම්, ඊෆොක්‍රෝම් හා ඒ හා සමාන ක්‍රියාවලි මගින් ප්‍රතිස්ථාපනය විය. වසර කිහිපයක් තිස්සේ මෙම ක්‍රියාවලීන් විනිවිදතා සඳහා යොදා ගත් නමුත් (ප්‍රක්ෂේපක හා ඒ හා සමාන උපකරණ සඳහා) ක්‍රෝමෙජෙනික් දළ සේයා පටලවල හඳුන්වාදීමත් සමග වර්ණ මුද්‍රණ වඩා ජනප්‍රිය විය. එය C-41 ක්‍රියාවලියෙන් වැඩිපුරම යොදා ගත් පද්ධතිය වේ. චිත්‍රපටි කර්මාන්තයේ අවශ්‍යතා මත විශේෂිත පද්ධති ගණනක් හඳුන්වා දී තිබේ. සමහර විට ඉන් වඩාම ජනප්‍රිය එක වන්නට ඇත්තේ වර්තමානයේ දී දුලබ ටෙක්නිකලර් ක්‍රියාවලිය යි.


Saturday 10 June 2023

~< කැම්කෝඩරය >~

කැම්කෝඩරය


කැම්කෝඩරයක් යනු වීඩියෝ සහ පටි ගත කිරීම එහි මූලික කාර්යය ලෙස ස්වයං අන්තර්ගත අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික උපාංගයකි. එය සාමාන්‍යයෙන් වම් පැත්තේ සවි කර ඇති ප්‍රකාශන තිරයක්, දකුණු පැත්තේ රඳවා තබා ගැනීමට පහසු වන පටියක්, පරිශීලකයා දෙසට මුහුණ ලා ඇති උණුසුම් මාරු කළ හැකි බැටරිය, උණුසුම් හුවමාරු කළ හැකි පටි ගත කිරීමේ මාධ්‍ය සහ අභ්‍යන්තර ව අඩංගු නිහඬ දෘශ්‍ය විශාලන කාචයකින් සමන්විත වේ.

Canon VIXIA HF10 කැමරාවක්; මෙය Canon හි පළමු AVCHD ආකෘතියේ Flash Memory Full HD වීඩියෝ කැමරාවලින් එකකි

පැරණිතම වීඩියෝ කැමරා වීඩියෝ ටේප් කැසට්පට මත ඇන ලොග් සංඥා පටි ගත කරමින් ටේප් මත පදනම් විය. 2006 දී, කුඩා-HD, micro DVD, අභ්‍යන්තර ෆ්ලෑෂ් මතකය සහ SD කාඩ් පත් වැනි ගබඩා මාධ්‍ය මගින් ටේප් ප්‍රතිස්ථාපනය කිරීමත් සමඟ ඩිජිටල් පටි ගත කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. 

වීඩියෝ පටි ගත කිරීමේ හැකියාව ඇති වඩාත් මෑත කාලීන උපාංග වන්නේ කැමරා දුරකථන සහ ඩිජිටල් කැමරා මූලික වශයෙන් නිශ්චල පින්තූර සඳහා අදහස් කරන අතර, කැප වූ වීඩියෝ කැමරා බොහෝ විට සාමාන්‍ය කැමරාවලට වඩා වැඩි කාර්ය යන්ට සහ අතුරුමුහුණත් වලින් සමන්විත වේ, එනම් අභ්‍යන්තර දෘශ්‍ය විශාලන කාචයක් වැනි කිසිවක් නොමැතිව නිහඬව ක්‍රියා කළ හැකි ය. තෙරපුම් වේගය, නමුත් දිග්ගැස්සෙන විශාලන කාච සහිත කැමරා සාමාන්‍යයෙන් ධ්වනි බාධා අවම කිරීම සඳහා වීඩියෝ පටි ගත කිරීමේ දී ක්‍රියාකාරී වේගය තෙරපුම කරයි. මීට අමතරව, කැප වූ ඒකකවලට බැටරියක් ඇතුළු නො කර බාහිර බලයෙන් පමණක් ක්‍රියා කළ හැකි ය.

Monday 5 June 2023

: ඩිජිටල් කැමරාව :

ඩිජිටල් කැමරාව

ඩිජිටල් කැමරාවක් යනු, ඩිජිටල් ආකාරයට ආලෝකයට සංවේදී උපාංගයක් ආධාරයෙන් වීඩියෝ හෝ නිශ්චල ඡායාරූප ලබා ගන්නා කැමරාවකි.

 Nikon D200 dSLR කැමරාවක් එම සමාගමේ ඡායාරූප පරිලෝකනයක් සමග මෙහි දක්වා ඇත. එමගින් ඡායාපටලවලට ලබා ගත් රූප ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කරනු ලැබේ.

ඩිජිටල් ඡායාරූප ගබඩා කිරීම සඳහා භාවිතා කෙරෙන CompactFlash කාඩ් පතක්

බොහෝ සංයුක්ත නිශ්චල ඩිජිටල් කැමරා භාවිතයෙන් නිශ්චල ඡායාරූප ලබා ගැනීමට අමතරව වීඩියෝ සහ ශබ්ද පටිගත කිරීම ද කළ හැක. බටහිර වෙළඳ පොළවල් තුළ ඩිජිටල් නොවන 35mm ඡායාපටල භාවිතා කරන කැමරාවලට සාපේක්ෂව ඩිජිටල් කැමරා අලෙවිය වඩාත් ඉහළ වේ. 

ඩිජි‍ටල් කැමරාවක් භාවිතයෙන් සේයා පටල කැමරා යොදා ගෙන කළ නොහැකි කාර්යයන් ගණනාවක් සිදු කළ හැක. ඒවා අතරට ඡායාරූපයක් ලබා ගත් වහාම කැමරාවේ තිරය මත පෙන්වීම, එකම කුඩා මතක උපාංගයක් තුළ ඡායාරූප දහස් ගණනක් ගබඩා කිරීමේ හැකියාව, ශබ්දය සමග වී‍ඩියෝ පටිගත කිරීමේ හැකියාව, ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාව සහ ඡායාරූප මකා දැමීමේ හැකියාව යනාදිය අයත් වේ. මේ අතරින් ඡායාරූප මකා දැමීම මගින් එම ඡායාරූප ගබඩා කිරීමට භාවිත කළ මතකය නැවත භාවිත කළ හැකි වේ. 

රථ වාහන, ජංගම දුරකථන (මේවා කැමරා දුරකථන ලෙස හැඳින්වේ) සහ PDA උපාංග ආදී උපාංග ගණනාවක් තුළ ඩිජිටල් කැමරා අන්තර්ගත කොට ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්‍ෂය සහ අනෙකුත් තාරකා විද්‍යාත්මක උපාංග ද විශේෂිත ඩිජිටල් කැමරා ලෙස සැලකිය හැක.


Friday 2 June 2023

<< කැමරා කාච >>

කැමරා කාච

ඡායාරූප කාචයක් යනු ප්‍රකාශ කාචයක් හෝ ඒවා සමූහයක එකතුවක් හෝ වන අතර එය කැමරා දේහයක් සමඟ එක්ව භාවිතා වේ. එමඟින් ඡායාරූප පටල හෝ වෙනත් ආකාරයකට රසායනිකව හෝ විද්‍යුත් වශයෙන් ඡායාරූප ගබඩා කර හැකි මාධ්‍යයක් වෙත වස්තූන්ගේ ප්‍රතිබිම්බ ලබා දීම සිදු කෙරේ. එහි දී එය කැමරාවෙහි යාන්ත්‍රණය සමඟ එක්ව ක්‍රියාත්මක වේ.

මෙහි දැක්වෙන්නේ AF-S DX Zoom-Nikkor 18-70 f/3.5-4.5G IF-ED දුර ප්‍රකාශ කාචයකි

සෛද්ධාන්තිකව ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීම සඳහා තනි සරල උත්තල කාචයක් ප්‍රමාණවත් විය යුතු නමුත් ප්‍රායෝගිකව මතුවන විවිධ දෘශ්‍ය අභිප්‍රේරණයන් සංශෝධනය සඳහා ප්‍රකාශ කාච උපාංග ගණනාවකින් සැදුම් ලත් සංයුක්ත කාචයක් ප්‍රායෝගික තත්ත්ව යටතේ භාවිතා කෙරේ. ඕනෑම කාච පද්ධතියක යම් අභිප්‍රේරණයන් පැවතිය හැකිය. කාච සැලසුම්කරුවාගේ කාර්යය භාරය වනුයේ මෙම අභිප්‍රේරණයන් සමබර වී ඉවත් වන ආකාරයට කාච සැලසුමක් නිර්මාණය කිරීම වන අතර එය ඡායාරූපමය කාර්යයන් සඳහා සුදුසු විය යුතුය. ඇතැම් විට මෙය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට ද සුදුසු නිර්මාණයක් විය යුතුය.

කැමරා, දුරේක්ෂ, අන්වීක්ෂ හෝ අනෙකුත් උපාංගවල භාවිතා වන කාචයන් අතර විශාල වෙනස්කමක් නොපවතින අතර විස්තරාත්මකව සැලසුම් කෙරෙන ආකාරය සහ නිර්මාණය කෙරෙන ආකාරය අතින් ඒවා එකිනෙකින් වෙනස් වේ.

කාචයක් ස්ථිරව කැමරාවකට සවි වී තිබිය හැකිය. නැතහොත් එය නාභීය දුර, කැමරා විවරය සහ අනෙකුත් ගුණාංග අතින් වෙනස් වන විවිධ කාච සමඟ සීරු මාරු කොට භාවිතා කළ හැකි එකක් ද විය හැකිය.

~ ඡායාරූප ශිල්පියා ~

 ඡායාරූප ශිල්පියා

ඡායාරූප ශිල්පියෙක් යනු කැමරාවක් භාවිතයෙන් ඡායාරූප ගනු ලබන තැනැත්තාය. වෘත්තීය ඡායාරූප ශිල්පීන් ප්‍රචාරණ කටයුතු හා මුද්‍රණ අවශ්‍යතා සඳහා සජීවී අවස්ථා ඡායාරූප ගත කරන අතර ආධුනික ඡායාරූප ශිල්පීන් හුදෙක් විනෝදාංශයක් ලෙස සහ විශේෂ අවස්ථා, පුද්ගලයින් හා ස්ථාන නැවත නැවත නරඹමින් සිහිකිරීම සඳහා ඡායාරූපකරණය යොදා ගනී.

වෘත්තීය ඡායාරූප ශිල්පියා බොහෝ අවස්ථා වලදී ඡායාරූපකරණය තම රැකියාව ලෙස යොදා ගනී. උදාහරණ ලෙස පුවත්පත් වර්තාකරණය, විවාහ මංගල අවස්ථා හා උපාධ් ප්‍රදානෝත්සව ආවරණය කිරීම් සහ ප්‍රචාරණ කටයුතු සඳහා ඡායාරූපකරණය දැක්විය හැකිය. තවද පැපරාසීන්, සෞන්දර්යය කලා ඡායාරූප ශිල්පීන් සහ ස්වාදීන ඡායාරූප ශිල්පීන් යමක් ඡායාරූප ගත කිරීමෙන් අනතුරුව එහි වැදගත්කම අනුව අලෙවි කිරීම හෝ ප්‍රදර්ශනය සිදුකරයි. පොලිස් නිලධාරීන්, දේපල වෙළඳ නියෝජිතයින්, පුවත්පත් කලාවේදීන් හා විද්‍යාඥ්ඥයින් ආදී වෘත්තීන් වල යෙදෙන්නන් තම රැකියා වල නොයෙක් අවශ්‍යතා සඳහා ඡායාරූප ගනු ලබයි. චිත්‍රපට ශිල්පීන්, වීඩියෝ නිශ්පාදකයින් ආදී කැමරා ශිල්පීන් නිශ්චල ඡායාරූප මෙන්ම වීඩියෝපටද වාණිජ කටයුතු සඳහා යොදා ගනී.

ඡායාරූපයේ විෂය හෝ මාතෘකාව අනුවද ඡායාරූප ශිල්පීන් වර්ගීකරණය කල හැක. සමහර ඡායාරූප ශිල්පීන් තම විෂය විදහා දැක්වීම සඳහා භූ දර්ශන, නිසල රූ සිතුවම් සහ චිත්‍ර කලා නිර්මාණ වැනි ප්‍රකෘති අවස්ථා යොදා ගනී. අනෙක් ඡායාරූප ශිල්පීන් ඡායාරූප ක්ෂේත්‍රයට පමණක් අනන්‍ය වූ වීඨි ඡායාරූපකරණය, වාර්තා සඳහා ඡායාරූපකරණය, විලාසිතා නිර්මාණ සඳහා ඡායාරූපකරණය, විවාහ මංගල අවස්ථා ඡායාරූපකරණය ආදී වශයෙන් විශේෂීකරණය කල හැක.




Wednesday 31 May 2023

🍃 පරිසර ඡායාරූපකරණය 🍃

පරිසර ඡායාරූපකරණය

ඇන්සල් ඇඩම්ස් (1942) විසින් ගන්නා ලද ටෙටන්ස් - ස්නේක් ගංඟා වේ ඡායාරූපයක් මෙහි දැක්වේ.පිරිමි මැලාඩ් තාරාවෙකු පියාසර කරන අතර තුර ලබාගත් මෙම ඡායාරූපය වැනි වනසත්ත්ව ඡායාරූප ලබාගැනීම ඉතා අපහසු කාර්යයක් වන අතර ඒ සදහා අධි බල දුරප්‍රකාශ කාච යොදා ගත යුතුය.

ටෙටොන්ස් සහ ස්නේක් නදිය, ඇන්සෙල් ඇඩම්ස්,1942

පරිසර ඡායාරූපකරණයට භූමි දර්ශන, වන සතුන්, ශාක සහ ස්වභාවික දර්ශන සහ සමීප දර්ශන ආදී බාහිර පරිසරයේ සිදු කෙරෙන ඡායාරූපකරණ ක්ෂේත්‍ර රැසක් අයත් වෙයි. ඡායාරූප පත්‍රකලාවේදය සහ වාර්තාමය ඡායාරූපකරණය ආදී අනෙකුත් ඡායාරූපකරණ ක්ෂේත්‍ර මෙන් නොව පරිසර ඡායාරූපකරණයේදී ලබා ගන්නා ඡායාරූපවල සෞන්දර්යාත්මක අගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි.

මෙසේ ලබාගන්නා පරිසර ඡායාරූප විද්‍යාත්මක, සංචාරක සහ සංස්කෘතික සඟරාවල පළකෙරේ. එවැනි සඟරා අතරට National Geographic Magazine සහ Audubon Magazine යන සඟරා අයත්ය. තවද මේ සඟරා අතරට Outdoor Photographer සහ Nature’s Best Photography යන සඟරා අයත් වෙයි. 




Tuesday 30 May 2023

📸 ඩිජිටල් ඡායාරූපකරණය 📸

ඩිජිටල් ඡායාරූපකරණය



ඩිජිටල් යන්නෙහි සිංහල අරුත වන්නේ "සංඛ්‍යාත තාක්ෂණය" යන්නයි.මෙහි සංඛ්‍යාත වන්නේ '0' සහ '1' වේ. '0' යන්නෙන් නැත (No) යන්නත්,'1' න් ඔව් (Yes) යන,අරුතත් ගෙන දේ. ඒ අනුව මෙම සංඛ්‍යා දෙක පාදක කර නිර්මාණය කොට ඇති තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය වේ.ඩිජිටල් ඡායාරූපකරණය යනු මුද්‍රණ උපක්‍රම වලින් ඔබ්බට විහිදෙන්නකි.එහි ඇරඹුම ඩිජිටල් කැමරාවෙනි.පැරණි පටල කැමරාවේදී මෙන්ම ආලෝක සංවේදී ද්‍රව්‍යයක් පාලනයකින් යුතු ආලෝක ධාරාවකට නිරාවරණය කිරීම මෙහිදීද සිදුවෙයි.එබැවින් එයට උපයෝගී වන කාච පද්ධති හා ඒවායේ ගුණාංග කාච විවරය , ද්වාර වේගය , ISO වේගය වැනි සංකල්ප කැමරා දෙවර්ගයටම පොදුයි.නමුත් ඩිජිටල් කැමරා සඳහා නව ගුණාංග සහිත කාච පද්ධති භාවිතා කිරීම සිදුවෙයි.නමුත් මෙම ක්‍රියාදාම ද්විත්වය අතර වෙනස්කම් හට ගැනෙන්නේ කැමරාවල ශක්‍යතාව , ඒවායේ ප්‍රතිදාන හා ඡායාරූපවල නිමැයුම් අවස්ථාවේදීය.මෙහිදී ආලෝකයට නිරාවරණය වු පටල විකාශනය කර මුද්‍රණය කිරීම වෙනුවට නව ක්‍රියාදාමයක් ආදේශ වී තිබේ.මෙම නිශ්පාදිත භාණඩය ඩිජිටල් කැමරාව වේ.

ඩිජිටල් තාක්ෂණයේ මූලාරම්භය හා ක්‍රමික විකාශනය

ඡායාරූපය

ඡායාරූපය ඡායාරූපයක්  යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ...