Monday 5 June 2023

: ඩිජිටල් කැමරාව :

ඩිජිටල් කැමරාව

ඩිජිටල් කැමරාවක් යනු, ඩිජිටල් ආකාරයට ආලෝකයට සංවේදී උපාංගයක් ආධාරයෙන් වීඩියෝ හෝ නිශ්චල ඡායාරූප ලබා ගන්නා කැමරාවකි.

 Nikon D200 dSLR කැමරාවක් එම සමාගමේ ඡායාරූප පරිලෝකනයක් සමග මෙහි දක්වා ඇත. එමගින් ඡායාපටලවලට ලබා ගත් රූප ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කරනු ලැබේ.

ඩිජිටල් ඡායාරූප ගබඩා කිරීම සඳහා භාවිතා කෙරෙන CompactFlash කාඩ් පතක්

බොහෝ සංයුක්ත නිශ්චල ඩිජිටල් කැමරා භාවිතයෙන් නිශ්චල ඡායාරූප ලබා ගැනීමට අමතරව වීඩියෝ සහ ශබ්ද පටිගත කිරීම ද කළ හැක. බටහිර වෙළඳ පොළවල් තුළ ඩිජිටල් නොවන 35mm ඡායාපටල භාවිතා කරන කැමරාවලට සාපේක්ෂව ඩිජිටල් කැමරා අලෙවිය වඩාත් ඉහළ වේ. 

ඩිජි‍ටල් කැමරාවක් භාවිතයෙන් සේයා පටල කැමරා යොදා ගෙන කළ නොහැකි කාර්යයන් ගණනාවක් සිදු කළ හැක. ඒවා අතරට ඡායාරූපයක් ලබා ගත් වහාම කැමරාවේ තිරය මත පෙන්වීම, එකම කුඩා මතක උපාංගයක් තුළ ඡායාරූප දහස් ගණනක් ගබඩා කිරීමේ හැකියාව, ශබ්දය සමග වී‍ඩියෝ පටිගත කිරීමේ හැකියාව, ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාව සහ ඡායාරූප මකා දැමීමේ හැකියාව යනාදිය අයත් වේ. මේ අතරින් ඡායාරූප මකා දැමීම මගින් එම ඡායාරූප ගබඩා කිරීමට භාවිත කළ මතකය නැවත භාවිත කළ හැකි වේ. 

රථ වාහන, ජංගම දුරකථන (මේවා කැමරා දුරකථන ලෙස හැඳින්වේ) සහ PDA උපාංග ආදී උපාංග ගණනාවක් තුළ ඩිජිටල් කැමරා අන්තර්ගත කොට ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්‍ෂය සහ අනෙකුත් තාරකා විද්‍යාත්මක උපාංග ද විශේෂිත ඩිජිටල් කැමරා ලෙස සැලකිය හැක.



2 comments:

ඡායාරූපය

ඡායාරූපය ඡායාරූපයක්  යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ...