Friday 2 June 2023

<< කැමරා කාච >>

කැමරා කාච

ඡායාරූප කාචයක් යනු ප්‍රකාශ කාචයක් හෝ ඒවා සමූහයක එකතුවක් හෝ වන අතර එය කැමරා දේහයක් සමඟ එක්ව භාවිතා වේ. එමඟින් ඡායාරූප පටල හෝ වෙනත් ආකාරයකට රසායනිකව හෝ විද්‍යුත් වශයෙන් ඡායාරූප ගබඩා කර හැකි මාධ්‍යයක් වෙත වස්තූන්ගේ ප්‍රතිබිම්බ ලබා දීම සිදු කෙරේ. එහි දී එය කැමරාවෙහි යාන්ත්‍රණය සමඟ එක්ව ක්‍රියාත්මක වේ.

මෙහි දැක්වෙන්නේ AF-S DX Zoom-Nikkor 18-70 f/3.5-4.5G IF-ED දුර ප්‍රකාශ කාචයකි

සෛද්ධාන්තිකව ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීම සඳහා තනි සරල උත්තල කාචයක් ප්‍රමාණවත් විය යුතු නමුත් ප්‍රායෝගිකව මතුවන විවිධ දෘශ්‍ය අභිප්‍රේරණයන් සංශෝධනය සඳහා ප්‍රකාශ කාච උපාංග ගණනාවකින් සැදුම් ලත් සංයුක්ත කාචයක් ප්‍රායෝගික තත්ත්ව යටතේ භාවිතා කෙරේ. ඕනෑම කාච පද්ධතියක යම් අභිප්‍රේරණයන් පැවතිය හැකිය. කාච සැලසුම්කරුවාගේ කාර්යය භාරය වනුයේ මෙම අභිප්‍රේරණයන් සමබර වී ඉවත් වන ආකාරයට කාච සැලසුමක් නිර්මාණය කිරීම වන අතර එය ඡායාරූපමය කාර්යයන් සඳහා සුදුසු විය යුතුය. ඇතැම් විට මෙය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමට ද සුදුසු නිර්මාණයක් විය යුතුය.

කැමරා, දුරේක්ෂ, අන්වීක්ෂ හෝ අනෙකුත් උපාංගවල භාවිතා වන කාචයන් අතර විශාල වෙනස්කමක් නොපවතින අතර විස්තරාත්මකව සැලසුම් කෙරෙන ආකාරය සහ නිර්මාණය කෙරෙන ආකාරය අතින් ඒවා එකිනෙකින් වෙනස් වේ.

කාචයක් ස්ථිරව කැමරාවකට සවි වී තිබිය හැකිය. නැතහොත් එය නාභීය දුර, කැමරා විවරය සහ අනෙකුත් ගුණාංග අතින් වෙනස් වන විවිධ කාච සමඟ සීරු මාරු කොට භාවිතා කළ හැකි එකක් ද විය හැකිය.





2 comments:

ඡායාරූපය

ඡායාරූපය ඡායාරූපයක්  යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ...