Wednesday 14 June 2023

ඡායාරූපය

ඡායාරූපය

ඡායාරූපයක් යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ ඡායාරූප පටලයක් හෝ CCD හෝ CMOS චිපයක් වැනි විද්‍යුත් ප්‍රතිබිම්භ නිර්මාපකයකි. ඡායාරූප බහුතරයක් දර්ශනයක දෘශ්‍ය ආලෝක තරංග ආයාමයන් කාචයක් භාවිතයෙන් මානව ඇසට තේරුම් ගත හැකි ආකාරයට ප්‍රතිනිර්මාණය කෙරෙන කැමරා මඟින් නිර්මාණය කළ ඒවා වේ. ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඡායාරූපකරණය නම් වේ.

Le Gras හි කවුළුවෙන් පෙනෙන දර්ශනය. (1826) , Nicephore Niepce. මෙය පොදුවේ ප්‍රථම සාර්ථක ස්ථිර ඡායාරූප ලෙස සැලකේ.

ඉතිහාසය

1826 දී ප්‍රංශ ජාතික නිර්මාණකරුවෙකු වූ ජෝසෆ් නිසෙෆෝ නිප්සේ (Joseph Nicephore Niepce) විසින් නිෂ්පාදනය කරනු ලැබු ප්‍රථම ස්ථිර ඡායාරූපය

ප්‍රථම ස්ථිර ඡායාරූපය නිෂ්පාදනය කරනු ලැබුවේ 1826 දී ප්‍රංශ ජාතික නිර්මාණකරුවෙකු වූ ජෝසෆ් නිසෙෆෝ නිප්සේ (Joseph Nicephore Niepce) විසිනි. ඒ සඳහා ඔහු උදව් කර ගත්තේ 'රිදී හා හුණු මිශ්‍රණයක් ආලෝකයට නිරාවරණය වන විට අඳුරු වනවා' යන ජොහෑන් හෙන්රිච් ස්කල්ට්ස්ගේ (Johann Heinrich Schultz) සොයා ගැනීමය. නිප්සේ හා ලුවිස් ඩෙගුවර් (Louis Daguerre) මෙම ක්‍රියාවලිය පිරිපහදු කරන ලදී. ඩෙගුවර් රිදී අලෝකයෙන් නිරාවරණය කිරීමට පෙර අයඩීන් වාෂ්පයට නිරාවරණය කිරීමෙන් හා ඉන්පසුව ඡායාරූපය ගැනීමෙන් පසු රසදියවලට නිරාවරණය කිරීමෙන් සැගවුණු ඡායාරූපයක් ඇති කර ගත හැකි බව සොයා ගන්නා ලදී. ඉන්පසු එම රූපය ලවණ තටාකයක ගිල්වීමෙන් ස්ථිර රූපයක් ලැබේ. මෙම අදහස මගින් පැරණි ඡායාරූප ක්‍රම යොදා ගත් ඡායාරූප ශිල්පීය ක්‍රමයක් වූ ජනප්‍රිය ඩෙගුවරෝටයිප් ශිල්ප ක්‍රමය බිහි විය.

මෙම ඩෙගුවරෝ ටයිප් ශිල්ප ක්‍රමයේ යම් යම් දෝෂ තිබේ. එයින් වඩාත් සැලකිය යුතු දෝෂ වූයේ නිෂ්පාදනය වන ඡායාරූපයේ කැඩෙන බිඳෙන බව හා එය ධන පමණක් වන ක්‍රියාවලියක් නිසා නැවත මුද්‍රණය කළ නොහැකි වීමයි. නව නිපැයුම්කරුවන් විසින් වඩා ප්‍රායෝගික නව ක්‍රියාවලියක් සොයා කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. ඇල්බියුමන් කඩදාසිය මත නිෂ්පාදිත මුද්‍රණ සමග කොලෝඩියන් මත පදනම් වූ තෙත වීදුරු තහඩු දළ සේයාපට, වඩාත් ප්‍රායෝගික ක්‍රමයක් වූ ජෙලටින් ක්‍රියාවලිය 1871 දී හඳුන්වාදීමෙන් පසුව ද භාවිතයට ගත් ඡායාරූප ක්‍රම ශිල්පයක් බවට පත්ව තිබුණි. ජෙලටින් ක්‍රියාවලියේ ගත් උකහා ගැනීම් වර්තමානය දක්වා ද මූලික කළු සුදු ඡායාරූප ක්‍රියාවලියේ ඉතිරිව ඇත. මූලික වශයෙන් එය වෙනස් වී ඇත්තේ පටල ද්‍රව්‍යයෙන්, මුල් වීදුරුවෙන් හා නම්‍යශීලී පටල වර්ග වලිනි.

වර්ණ ඡායාරූප සඳහා ද කළු සුදු ඡායාරූප මෙන් පැරණි ඉතිහාසයක් හිමි වේ. එහි ඉතිහාසය 1842 සිට ඇන්ත්‍රොටයිප් සමග හා 1891 සිට ලිප්මන් තහඩු සමග සිදුකළ ජෝන් හර්ෂල් (John Herschel) ගේ පර්යේෂණ දක්වා දිව යයි. වර්ණ ඡායාරූපකරණය 1903 දී ඔටෝ ක්‍රෝම් ලුමියර් හඳුන්වාදීමෙන් අනතුරුව වඩාත් ජනප්‍රිය වේ. පසුව එය කොඩැක්‍රෝම්, ඊෆොක්‍රෝම් හා ඒ හා සමාන ක්‍රියාවලි මගින් ප්‍රතිස්ථාපනය විය. වසර කිහිපයක් තිස්සේ මෙම ක්‍රියාවලීන් විනිවිදතා සඳහා යොදා ගත් නමුත් (ප්‍රක්ෂේපක හා ඒ හා සමාන උපකරණ සඳහා) ක්‍රෝමෙජෙනික් දළ සේයා පටලවල හඳුන්වාදීමත් සමග වර්ණ මුද්‍රණ වඩා ජනප්‍රිය විය. එය C-41 ක්‍රියාවලියෙන් වැඩිපුරම යොදා ගත් පද්ධතිය වේ. චිත්‍රපටි කර්මාන්තයේ අවශ්‍යතා මත විශේෂිත පද්ධති ගණනක් හඳුන්වා දී තිබේ. සමහර විට ඉන් වඩාම ජනප්‍රිය එක වන්නට ඇත්තේ වර්තමානයේ දී දුලබ ටෙක්නිකලර් ක්‍රියාවලිය යි.




21 comments:

ඡායාරූපය

ඡායාරූපය ඡායාරූපයක්  යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ...