ඩිජිටල් ඡායාරූපකරණය
අතීතයේ භාවිතා කල විශාල ප්‍රමාණයේ ශ්‍රමායික කැමරා,පටල පටි ආදී පැරණි ඡායාරූප තාක්ෂණය බැහැරලිය නොහැකි වන්නේ එම තාක්ෂණය ක්‍රමයෙන් වැඩි දියුණු කරමින් ඩිජිටල් තාක්ෂණය දක්වා පරිණාමය වී ඇත්තේ ඉහත මූලධර්මය බැවිනි.
ප්‍රධාන වශයෙන් ඩිජිටල් කැමරා මාදිලි දෙකක් යටතේ නිපදවා ඇත.
- SLR කාණ්ඩය (Single Replex)
- ක්‍ෂණිකව ඡායාරූප ගත හැකි සංගෘහිත (Point and Shoot Compact)
මෙම මාදිලි දෙක අතරින් SLR කාණ්ඩය යටතේ වෙළඳපොළට පැමිණ ඇති ඩිජිටල් කැමරා මාදිලි සංඛ්‍යාව සීමිතය. Nikon , Canon , Fuji වැනි නාමයන් යටතේ මෙම කැමරා නිපදවා ඇති අතර Point and Shoot හෙවත් ක්‍ෂණික ඡායාරූප ගත හැකි Compact කැමරා වර්ග මාදිලි සංඛ්‍යාව සීමිතය. Nikon , Canon , Fuji වැනි නාමයන් යටතේ මෙම කැමරා නිපදවා ඇති අතර Point and Shoot හෙවත් ක්‍ෂණික ඡායාරූප ගත හැකි Compact කැමරා වර්ග විශාල ප්‍රමාණයේ එනම් සමස්ත වෙළඳපොළෙන් 90% හිමිකරගෙන ඇත.මෙම කැමරා වර්ග නිකොන් , කැනොන් , ෆූජි , කොඩෑක් , කොනිකා , මිගෝල්ටා , සෝනි , පැනසොනික් , සැම්සුන් , ඔලිම්පස් , පෙන්ටැක්ස් ආදී සමාගම් රාශියක් යටතේ නිෂ්පාදනය කර ඇත.මෙම සංගෘහිත (Compact) කැමරාවල උසස් ප්‍රතිඵල සඳහා Mega Fixal 8 පමණ දක්වා තත්ත්වයෙන් දියුණු කර ඇත.දර්ශන ග්‍රහකය(View Finder) වෙනුවට ගුණාත්මක අතින් ඉහල තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට දර්ශනය ඍජුව නැරඹිය හැකි LCD තිරයක් නිපදවා ඇත.ශ්‍රමායික කැමරාවල භාවිතා කරන පටල පටි වෙනුවට ඩිජිටල් තාක්ෂණයේදී ආලෝක සංවේදී පුවරුවක් භාවිතාවේ.
මෙම සංවේදකයන්හි විශාලත්වය මි.මී.16*24 සිට 24*36 දක්වා විවිධ පරාස වල දක්නට ලැබෙන අතර Compact කැමරාවල එය මි.මී. 6,8 ප්‍රමාණයක් ගනී.ඩිජිටල් කැමරාවල ප්‍රමාණයෙන් විශාල සංවේදක (Mega Pixel 8,10,12,16)භාවිතා කිරීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ලැබෙන අතර Mega Fixal 3,4,6 ආදී සංවේදක භාවිතා කරන Compact Camera වල ඡායාරූපවල ගුණාත්මක භාවය තරමක් අඩුය. සංවේදක වල දත්ත ගබඩා කරන ආකෘතිය (Format) මත ඡායාරූපවල ගුණාත්මක භාවය අඩු වැඩි වේ.
උසස් ඩිජිටල් පිළිබිඹුවක තත්ත්වය කෙරෙහි බලපාන විභේදන දෙකකි.
- CCD පුවරුවෙහි සත්‍ය ක්ෂුද්‍ර සංවේදක සංඛ්‍යාව
- අවසන් පිළිබිඹුවේ විභේදන
ඩිජිටල් කැමරාවක විවිධ කාර්යන් පාලනය සඳහා ඇති වහරු (Switch) සංඛ්‍යාව ඉතා විශාලය.එයට හේතුව එහි අනාවරණ විභවය (exposure lititude) පටල පටි වලට වඩා අඩු බැවිනි.උසස් ගණයේ ඡායාරූපයක් ලබා ගැනීමට පටල පටි වල මෙන් නොව නියම අනාවරණය ලබාදිය යුත්තේ අධි හෝ මන්ද අනාවරණ වලදී නියම ඡායාරූපයක් ලබාදීමට අසමත්වන හෙයිනි.සාම්ප්‍රධායික ඡායාරූප පටලයක රිදීකණිකා අනාවරණය තුලින් ඡායාරූප ලබා ගන්නා අතර ඩිජිටල් ප්‍රතිබිම්බයක් පික්සල් (Pixel) වලින් සාදයි. රිදීකණිකාවක් මයිකෝන 1-3 අතර වන අතර මයික්‍රෝන සාමාන්‍ය පික්සලයක් මයික්‍රෝන 4-12 මයික්‍රෝන වේ.(මයික්‍රෝන් 1=මි.මී.1/1000)
කණිකාමය ගතිය ISO නමින් හඳුන්වන අතර ඩිජිටල් තුලදී මෙය නොයිස් (Noise/ඝෝෂාව) නමින් හඳුන්වන අතර ප්‍රමාණාත්මකව මෙම අගය වැඩිවන විට ඡායාරූප විශාලනය කිරිමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. නමුත් උසස් තාක්ෂණික ක්‍රම වේදයන් භාවිතය තුලින් මෙය වලක්වා ගත හැකිය. නිකෝන් , D70 , D100 , කැනන්,Eos 30 D ,40D ,400D ,Fujy fine fixed S3-Pro ආදී තාක්ෂණය අතින් ඉතා වැඩි දියුණු කල කැමරාවල මෙම තත්ත්වය මඟහරවා ඇත. ඩිජිටල් කැමරාවල ආලෝක සංවේදකය විශාලත්වයෙන් අඩු බැවින් ක්ෂේත්‍ර ගැඹුර ( Depih of field) අගය අධික බැවින් රූප රාමු අනන්තය දක්වා තීව්‍ර වේ.
ඩිජිටල් කැමරාවල සමස්ත රූපයේ වර්ණ අසමානතාව (Contrat) පදනම් කරගෙන ප්‍රතිබිම්භ තැනෙන බැවින් ඉතා දීප්තිමත් කොටස් අධි අනාවරණය වී තොරතුරු වාර්තාවීම අඩාල වීමට බලපායි. සුදු පැහැයේ විවිධ අන්තර සුදු පැහැයෙන් දැක්වෙන අතර අදුරු පෙදෙස්වල සවිස්තරාත්මක දත්ත මඳ ස්වභාවයක් ඇතිකරයි. විකාශනයෙන් පසු කරන ඇතැම් මුද්‍රණ ප්‍රයෝග හැර පටල පටියෙන් ලබාගත් පිළිඹිඹුවට කළ හැකි නිවරදි කිරීම් සීමිතය. නමුත් ඩිජිටල් කැමරාවක සංවේදක ලබා දෙන්නේ පළමු පරම්පරාෙව් ඡායාරූප. එබැවින් විශාල පරාසයක සැකසීම් වලට එය භාජනය කළ හැක. අදුරු හා දීප්තිමත් පෙදෙස් සැකසීම , අනාවරණ මට්ටම්, ඝනත්වය , වර්ණ තීව්‍රතාව සහ ගුණය , රූපයේ තීක්ෂණ බව වැනි අංග ඩිජිටල් අදුරු කුටිය තුල ප්‍රශස්ත අයුරින් පහසුවෙන් සහ ගුණාත්මක බවින් යුතුව අඩු පිරිවැයක් දරමින් සකසාගත හැක. මේ සඳහා පරිගණක හා මෘදුකාංග පරිහරණය මගින්ද විශාල මෙහෙයක් හා සාර්ථකත්යවයක් ලබා ගත හැක.
ඩිජිටල් කැමරාවක අංගෝපාංග නාමකරණය
🌟❤️👍
ReplyDelete♥️♥️♥️
ReplyDelete